ආයුබෝවන්

Thursday, November 17, 2011
Sunday, October 30, 2011
හම්බන්තොට වරාය වට්ටන්නේ.........
හම්බන්තොට වරාය වට්ටන්නේ
සිංගප්පූරු ඔත්තුකරුවන් සහ මහා භාණ්ඩාගාර ආර්ථික ඝාතකයන්
පසුගිය දිනවල විවිධ පිරිස් විසින් එලිපිට සහ වක‍්‍රව හම්බන්තොට වරායට මෙන්ම මත්තල ගුවන්තොටුපලටද ඉතා අගතිගාමී අවලාද නගනු දක්නට ලැබුණි. මේ අවලාද සමහරකට හේතු භූත වන කාරණා ඉදිරිපත් වුවද ඒවා ඉදිරිපත් කිරිමේ අරමුණු අගතිගාමී බව පැහැදිලිව පෙණුනි. නමුත් මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන විවේචනවල අරමුණ හැකි ඉක්මණින් ගැටළු නිරාකරණය කොට ජාතියේ ඒ මහා සම්පත් රැක ගැනීමයි. එයට හේතුව එම සම්පත් මඟින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම භූ දේශපාලනික ආධිපත්‍යයටද උපාය මාර්ගිකව ඉතා විශාල බලපෑමක් එල්ලකල හැකි වීමයි.
හම්බන්තොට වරායේ වටිනාකම පිළිබඳව විවිධ විද්වතුන් අදහස් පළකොට ඇත. නමුත් ඒ අතුරින් මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහ මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක මහතා ඉතා සුවිශේෂි වේ. එයට හේතුව වසර 12 කට පෙර අදාළ ස්ථානයේ මහා පරිමාන ජාත්‍යන්තර වරායක් ඉදිකළ හැකි බවට තාක්‍ෂණික අධ්‍යනයක් ඒ මහතා විසින් සිදු කිරීමයි. ඒ මහතා එදා ඒ වෙනුවෙන් තම පුද්ගලික ධනය මිලියන 2 කට වඩා වියදම් කොට ඇත. ඊට අදාල තාක්‍ෂණික වර්තා අඩංගු ලිපි ගොනු පරීක්‍ෂා කිරිමේ භාග්‍යය මේ ලියුම්කරුටද ලැබුණි.
ආරියශීල වික‍්‍රමනායක මහතා ඉන්දියානු සාගරයේ නාවික සේවා සැපයීම පිළිබඳ අධිකාරි බලයක් උසුලන ව්‍යාපාරිකයකු පමණක් නොව නාවික ක්‍ෂෙත‍්‍රයේ තාක්‍ෂණික වෘතීයවේදියෙකි. එතුමාගේ මතයට අනුව හම්බන්තොට වරාය ලෝකයේ ප‍්‍රධාන වරායවල් 10ට ඇතුල්වනු ඇත. ඉදිරි වසර 100කට පසු නිපදවන මහා පරිමාන නාවික යාත‍්‍රා ඇතුල් කළ හැකි ලෝකයේ ප‍්‍රධාන වරායක් බවට පත්වන්නේ හම්බන්තොට වරායයි. වෙනත් වචන වලින් කියනවා නම් හම්බන්තොට කලාපයේ ප‍්‍රධානම වරාය බවට පත්වනු ඇත. ඒ විභවය අප රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් දැන නොසිටියත් සිංගප්පුරුවේ සිට ක‍්‍රියාත්මක වන ආර්ථික ඝාතක ඔත්තුසේවා ඉතා හොඳින් දන්නා බවට සැකයක් නැත. හම්බන්තොට වරාය ජාතියේ ප‍්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතිය බවට පත්විය යුතු වුවත් එය එසේ නොවන්නේ ඒ ‘සිංගප්පුරු මෙහෙයුම්’ නිසා බව ඉතා පැහැදිලිය. එම ව්‍යාපෘතිය සඳහා ණය ගැනීම වැලැක්වීමට අප රටේ සමහර භාණ්ඩාගාර නිළධාරින් දිගින් දිගටම උත්සාහ කළ බවටද විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල විය.
හම්බන්තොට වරාය ලෝකයේ අඩුම වියදමකින් ඉදිකරණ වරාය බවට පත්වන්නේ එය ගොඩ බිම ඉදිකිරිම නිසාය. ඒ නිසාම එය මහා ව්‍යාපෘතියක් ලෙස එකවර අවසන් නොකර අදියර කිහිපයකින් අවසන් කිරීමට තීරණය කිරීම මුල්‍යමය වශයෙන් කෙසේ වෙතත් තාක්‍ෂණික, ආර්ථික සහ දේශපාලන වශයෙන් සාධාරණ නොවේ. වික‍්‍රමනායක මහතාගේ වචන වලින් කියන්නේ නම් ‘‘හම්බන්තොට වරාය හදන්න ණය ගත්නේ නැතිනම් වෙන කිසිවකට අපට ණය අවශ්‍ය නැත.’’ කෙසේවෙතත් රජයට උපදෙස් ලැබෙන්නේ එය අදියර දෙකකින් නිම කිරීමටය. ඒ නිසා දෙවන අදියර ඉදිකිරිමේදී පළමු අදියරට වඩා තාක්‍ෂණික වශයෙන් අපහසුතා වලට මුහුණදීමට සිදුවන අතර ඒ සඳහා වැඩි පිරිවැයක්ද දැරීමට සිදුවනු ඇත.
අවසානයේදී වරායේ පළමු අදියර සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට පෙර එය විවෘත කිරීම නිසා වරායේ මුව විටේ පතුලේ ඇති කළුගල කැඩිම සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇත. විවෘත කිරීමට හෙවත් වරායට වතුර ඇතුල් කිරීමට පෙර එම ගල අවශ්‍ය ගැඹුරට කඩා අවසන් කලා නම් ගමේ ‘‘ගල්කොරියක’’ ගල් කඩන වියදමින් එය සිදුකිරීමට ඉඩ තිබුණි. එසේ වුවත් වරායේ ගලක් තිබෙන නිසා නැව් ඇතුල්කළ නොහැකි බව සහ ඒ නිසා එය වැඩක් නැති වරායක් බව පැවසීම දුෂ්ඨ සහ තකතීරු ප‍්‍රකාශයකි.
කොළඹ වරායේ ගැඹුර මීටර 10 සිට 15 දක්වා මීටර 5 කින් වැඩි කිරීම සඳහා ගල් කඩන්නේත් වතුර යටදීය. ඒ සඳහා සුද්දන්ගෙන් උපදෙස් ගත්තේ නැත. ලංකාවේ මාස්ටර් ඩයිවර්ස් ආයතනය ඒ අභියෝගය ජයගෙන පෙන්විය. අදත් ඒ ආයතනයත් එහි අධිපතිවරයාත් ජිවතුන් අතර සිටින අතර සියලූ උපකරණද නිරුප‍්‍රදිතව ඇත. ඒ නිසා යම් වියදමක් වැඩි වුවද හම්බන්තොට වරාය ඕනෑම කාලයක අවශ්‍ය ප‍්‍රමාණයට ගැඹුර කිරීම තාක්‍ෂණික ගැටලූවක් නොවේ. ගැටලූව ඇත්තේ මේ තාක්‍ෂණික කාරණා පිළිබඳව ආණ්ඩුව උපදෙස් ගන්නේ කාගෙන්ද යන්න තුළය. එසේ උපදෙස් ගන්නේ සිංගප්පුරුවේ ඔත්තුකරුවන් හෝ ඔවුන් විසින් මෙහෙයවන ශ‍්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයින්ගෙන් නම් ප‍්‍රශ්නය ඉදිරියටත් ඉතා බරපතල වනු ඇත.
හම්බන්තොට වරාය හෑල්ලූ කිරිම සහ ඊට නින්දා කිරීම එතෙකින් නවතින්නේ නැත. වරාය විවෘත කරන උත්සවය කොතරම් ගාම්භීර ආකාරයට සංවිධානයකොට තිබුණත් වරායේ පළමු භාණ්ඩ තොගය ගොඩබෑම මඟින් සංඛේතවත් කළේ කුමක්ද? බහාලූම් ගොඩබෑම සඳහා සුදුසු දොඹකරයක් සහිත නෞකාවක් පිටුපසින් පැමිණියත් සිදුවුයේ කුඩා නැවකින් පෙට්ටිකැලි කිහිපයක් ගොඩ බෑමය. ඒ මඟින් සංඛේතවත් කළේ 1950 දශකයේ කොළඹ වරාය බවට සැකයක් නැත. ලෝකයේ ප‍්‍රධාන පෙළේ වරායක් විවෘත කිරිමේදීම ඒ ආකාරයට ලෝකයා ඉදිරියේ හෑල්ලූවට ලක්කිරීම පැහැදිලි කරන්නේ කෙසේද? ඒ පුංචි මනස් වල පුංචි කම නිසාද, එසේ නැතහොත් කිසිවෙකුගේ සැලසුම් කළ යට් අරමුණක් නිසාද? අපේ හම්බන්තොට වරාය හෑල්ලූවට ලක් කිරීම මඟින් ආයෝජන ප‍්‍රවනතාව වෙනස් කිරිමේ උවමනාව ඉහළින්ම ඇත්තේ සිංගප්පුරුවටය. අපේ රටේ ආර්ථික ඝාතකයින් සිංගප්පුරු ඔත්තුකරුවන්ගේ උවමනාවට හිතා මතා එවැනි පහත් වැඩක් කලානම් එසේ කරන්නේ නිකම්ම නිකම් අත පිසදා ගැනීමට නොවන බව ඉතා පැහැදිලිය.
හම්බන්තොට වරායට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ඇති බව තහවුරු කිරීමට තවත් ප‍්‍රභල සාක්‍ෂියක් ඇත. ඒ කොළඹ දකුණ වරාය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ඒමයි. ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගය ආශ‍්‍රිතව හම්බන්තොට වරායට තිබෙන වාසි දායක තත්ත්වයෙන් 10% ක් වත් කොළඹ වරායට නැත. එසේ නම් කෙළඹ දකුණු වරායේ ඇති විශේෂ වැදගත්කම කුමක්ද? වර්තමාන ජනාධිපතිතුමාගේ සුවිශේෂි මැදිහත් වීම මත හම්බන්තොට වරායේ පළමු අදියර සඳහා ණය ලබාගත් බව දැන් ප‍්‍රසිද්ධ රහසකි. එතෙක් ඒ සඳහා ණය ලබාගත නොහැකි විය. හම්බන්තොට අඩුතරමින් ණය ඉල්ලූම් කිරිමේ ප‍්‍රමුඛතා ලැයිස්තුවටවත් ඇතුල්වූයේ නැත. නමුත් කොළඹ දකුණු වරායට ණය දීමට ණය දෙන ආයතන පැනලා ඉදිරිපත් විය. එම වරාය ඉදිකිරිමේදී වියදම් අධිකම වැඩ කොටස වන දිය කඩනය ඉදිකෙරෙන්නේ එසේ ශ‍්‍රී ලංකා රජය ආපසු ගෙවිය යුතු ණය වලිනි. නමුත් ණය දෙන ආයතන රජයට උපදෙස් දෙන්නේ අඩු වියදම් ජැටිය හදන පුද්ගලික සමාගමට බහාලූම් අංඟනය බදුදෙන ලෙසය.
දැන් බහාලූම් අංගනය සඳහා ඉල්ලූම් කරන සමාගම් කියන්නේ වෙනත් වරායක බහාලූම් අංගනයක් ඉදිනොකරන බවට සහතික වන ලෙසය. බළලා මල්ලෙන් එළියට පනින්නේ එතැනදීය. ඔවුන් ඒ මඟින් වක‍්‍රව රජයට බලකරන්නේ හම්බන්තොට වරායේ බහාලූම් අංගනය ආරම්භ නොකරන ලෙසය. මෙය හම්බන්තොට වරායට එරෙහිව කුමන්ත‍්‍රනයක් නොවේ නම් වෙන කුමක්ද? මීට අදාල තීන්දුගත් පිරිස් තම තීන්දුවල මුල්‍යමය, ආර්ථික සහ තාක්‍ෂණික සාධාරණීකරණය මහජනයාට ඉදිරිපත්කල යුතුව ඇත. එසේ නොකරන්නේ නම් එම තීන්දු ආර්ථික ඝාතක තීන්දු ලෙස සැළකීමට මේ රටට ආදරය කරන මහජනයාට අයිතියක් ඇත.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අසාර්ථක කිරිමේ සහ එය ජාත්‍යන්තරව හෑල්ලූවට ලක් කිරිමේ ප‍්‍රභල උවමනාව ඇත්තේ සිංගප්පුරුවට බව අප පුන පුනා කියමු. එහෙත් ශ‍්‍රී ලංකාව දණ ගැස්සවිම සඳහා සියල්ල කරන බටහිරයන්ද ඊට ආශිර්වාද කරන බවට සැකයක් නැත. කෙසේ වෙතත් කුමන්ත‍්‍රන සියල්ල පරදා වරාය සම්පුර්ණ ක‍්‍රියාකාරිත්වයට පැමිණිම යනු සිංගප්පුරුවේ ඊ නියා අධි සංවර්ධන බැලූම්බෝල අතුරින් ප‍්‍රධාන බැලූමක් පුපුරුවා හැරීමකි. වරායට ගරහන අපේ විපක්‍ෂයට මේ කිසිවක් අදාල නැත. ඔවුන් අතට අහුවන දෙයක් මල්ලේ දමාගන්නා අසරණ යාචකයින් පිරිසකි. ඔවුන් වරායට ගරහන්නේත් ඒ යාචක මනසින් මිස අන් ආකාරයකට නොවේ. ඒ ගැන කණගාටුවනවා මිස කලබල විය යුතු නැත. නමුත් සිංගප්පුරු ඔත්තුකරුවන් ක‍්‍රියාක්තමක වන්නේ කුමන තැන්වලද යන්න සොයා බැලීම ජාතික වැදගත්කමක් ඇති වගකීමකි.
වරායට එරෙහිව දියත් වූ කුමන්ත‍්‍රණය දැන් මත්තල ගුවන්තොටුපලට එරෙහිවද ක‍්‍රියාත්මක වේ. ගුවන් ගමන් ක්‍ෂෙත‍්‍රයේ විද්වතුන්ට අනුව පිහිටීමේ වාසිය අනුව අනාගතයේදී මත්තල ගුවන්තොටුපල කටුනායකට වඩා වැදගත් කලාපීය ගුවන්තොටුපලක් වනු ඇත. ඒ විභවය විසින් ද අවසානයේ සිංගප්පුරු ආර්ථිකයට ප‍්‍රභල බලපෑමක් එල්ල කරන බව අපට වඩා හොඳින් ඔවුන්ගේ ඔත්තුකරුවන් වටහාගෙන ඇත. දැනට අප සොයාබලා ඇති ආකාරයට මත්තල ගුවන්තොටුපලට එරෙහිවද විවිධ තාක්‍ෂණික කුමන්ත‍්‍රණ රාශියක් දියත් වී ඇත. ඒවා බොහෝවිට කොන්ත‍්‍රාත්කාර සහ උපදේශක සමාගම් හරහා ක‍්‍රියාත්මක වනවා විය හැක.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය
Monday, October 24, 2011
Monday, October 17, 2011
Tuesday, October 11, 2011
නිර්මාණශීලි එකමුතුව - කණ්ඩායම් අංක 04
වරාය නිදහස් සේවක සමිතියේ නිලවරණය
වරාය නිදහස් සේවක සමිතියේ නිලවරණය අත ලඟය. ඒ සඳහා කණ්ඩායම් හතරක් තරඟ වදී. ඉන් තරඟයක් ඇත්තේ දෙකක් අතර පමණි..එනම් වරාය සභාපති තුමාගේ පූර්ණ ආශීර්වාදය හිමි කණ්ඩායම් අංක 04 හා දූෂණ චෝදනාවන්ට ලක් වී ඇති කලුතරගේ මතාගේ කණ්ඩායම් අංක 03 අතරය.මේ වන විට සභාපති තුමාගේ කණ්ඩායම බොහෝ ඉදිරියෙන් සිටී.එයට ප්‍රධාන හේතුව වන්නේඑම කණ්ඩායමේ නෑවුම් බවත් දක්ෂ නිර්මාණ ශීලී පුද්ගලයින් රාශියකගේ එකමුතුවකින් යුක්ත වීමත්, වරාය සභාපති තුමා කෙරෙහි සාමාජිකයන් බහුතරයකගේ ඇති බලවත් විශ්වාසයත්ය. තවද සමිතියේ හිටපු නිළධාරින්ගේ ගසා කෑම් සාමාජිකයාට පමණක් නොව සමස්ථ වරාය සේවකයාටම මේ වන විට අප්‍රිය වී අජූව වී එපා වී තිබීමය.
පතිරණ සර්
කණ්ඩායම් අංක හතරේ සිටිනා මහේෂ් හා වැලිගම නැමති දක්ෂ කාර්යශූර මහතුන් දෙපළට අමතරව තවත් අපූර්ව මිනිසෙක් එහි ක්‍රියාකාරීව සිටී. ඔහු නමින් ආරියදාස පතිරණය.
ප්‍රසන්න නිහතමානී පුද්ගලයෙකු වන පතිරණ මහතා මාතර ගැටමාන්නේ උපත ලැබූවෙකි.
ප්‍රසන්න නිහතමානී පුද්ගලයෙකු වන පතිරණ මහතා මාතර ගැටමාන්නේ උපත ලැබූවෙකි.
පසුව රුහුණු විශ්ව විද්යලයේ කතිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කිරීමෙන් අනතුරුව ඔහු උපකාරක පංති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරන ලදී. මාතර දිස්ත්‍රික්කයේ 80 දෂකයේ ජනප්‍රීයම ආර්ථීක විද්යා ගුරුවරයා ,දේශකයා වූයේ වූයේද ඔහුය.
බොහෝ දෙනෙක් නොදන්නා මේ ලියුම්කරු පමනක් දන්නා වෑදගත් කරුණක් මෙසේ දක්වමි. එනම් උපුල් නිශාන්ත මහතා ජනාධිපති තුමාට ඉතාම හිතවත්ව මාතර නගරාධිපති ධුරය දරණා අවදියේ ඔහුගේ සෙවනැල්ලමෙන් සිටිමින්මාතර නාගරික සැළැස්ම නීර්මානය කිරීමට ගුරුහරුකම් දෙමින් දෙන ලද දායකත්වයයි.එහි අවසාන ප්‍රතිපලය වූයේ මාතර නගර සබාව එම වසරේ හොඳම නගර සබාවට හිමි සාම්මානයට හිමිකම් කීමයි.
Subscribe to:
Comments (Atom)