Best Blogger Tips මහින්දගේ අඩවිය: මේ කවුද ....මොනවද කරන්නෙ...

ආයුබෝවන්

ආයුබෝවන්

Thursday, February 24, 2011

මේ කවුද ....මොනවද කරන්නෙ...

                                   



                                              





සූරියකන්දේ මිනීවලෙන් ගොඩ ඇවිත්
හම්බන්තොට වරායෙන් මතුවූ වික්රම

ඔහු නමින් ප්රියත් බන්දු වික්රමය

දැනට තිස්හත්වන වියෙහි පසුවන මේ ඉංජිනේරුවාගේ නමට මේ වන විට පශ්චාත් උපාධියක්‌, වරාය කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් එක්වී හමාරය.

1973 ඇඹිලිපිටියේදී වික්රම උපන්නේ විදුහල්පතිවරයෙකු වූ ආර්. එම්. පියසේන මහතාගේත් සමුපකාර කළමනාකාරවරියක වූ ලලිතා ප්රේමසීලි මහත්මියගේත් වැඩිමහල් දරුවා ලෙසටය. ඔහුට බාල සොයුරියන් දෙදෙනෙකි.

පහේ ශිෂ්යත්වය වෙනකල් මම බොහොම දඟ ළමයෙක්ලු.

වික්රම පාසල් ගියේ ඇඹිලිපිටිය මධ් මහා විද්යාලයටය. පහේ ශිෂ්යත්වයෙන් පසු අධ්යාපන කටයුතුවලදී කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට ඔහු සමත්විය.

මගේ ප්රියතම විෂය වුණේ ගණිතය. ගොඩක්අවස්ථාවක ගණන්වලට මට සීයෙන් සීයයි. මගේ ගණිත ගරුවරුන් වූ විනීතා ලියනගේ හා ඩී. එස්‌. රත්නායක ගුරුවරුන් මට ගොඩක්මහන්සිවෙලා ඉගැන්නුවා.

මගේ පියා විදුහල්පතිවරයෙක්වීමත් අධ්යාපනයට බෙහෙවින් බලපෑවා.

පුංචි කාලේ ඉඳලම මගේ ආසාව තිබුණේ ඉංජිනේරුවෙක්වෙන්න.

හයවෙනි ශ්රේණියේ ඉඳලා මම හැමදාම පන්තියේ 1, 2, 3 ස්ථානවලින් එකක්හිමි කරගත්තා. අපේ ගෙදර ඉඳලා පාසලට කිලෝමීටර් 18 ක්තිබුණා. මම පාසල් ගියේ පා පැදියෙන්.

වික්රමගේ ජීවිතයේ අමතක කළ නොහැකි කාලපරිච්ඡේදය 88/89 භීෂණ සමයයි. ඒ කාලයේ වික්රම ඇඹිලිපිටිය මධ්යමහ විද්යාලයේ දහය වසර පන්තියේ අධ්යාපනය ලබමින් සිටියේය.

දෙස්- විදෙස්පතල වූ සූරියකන්ද සමූහ මිනීවලට අදාල කතාන්දරයට පාදක වූයේ වික්රමලාගේ පන්තියයි. ඉහළ පන්තියක සිසුවකු හා වික්රමලාගේ පන්තියේ ශිෂ්යාවක අතර තිබූ ප්රේම සම්බන්ධයක්සහ පෙම් හසුනක්මුල්කරගෙන මේ සිදුවීම ආරම්භවී තිබේ. සුළු සිදුවීමක්වුවත් එය අවසන් වූයේ විශාල පිරිසක් ජීවිතවලින් වන්දි ගෙවමිනි. අපේ පන්තියේ විශාල පිරිසක්අතුරුදන් වුණා. වික්රම බොඳවූ ඇස්වලින් තම මතකය අවදි කළේය.

රුවන්, මනෙල්ක, චාමර ජයසේන, රුක්මන් පරණවිතාන මගේ පන්තියේ හොඳම යාළුවෝ සේරම අතුරුදන් වුණා.

රුක්මන්ව හමුදාවෙන් අරන් ගියේ අපේ ඉස්කෝලේ මැච් එකක්ගහන වෙලාවෙ සිවිල් පිට ඇවිත්.............

අපේ පන්තියේ අතුරුදන් වූ එක ළමයෙක්වත් ඡේ. වී. පී. අය නොවෙයි.

මටත් ජීවිත තර්ජන තිබුණා. ගමේ අය මට කියන්නේ බන්දු කියලා. අපේ ගෙවල් ගාව තවත් බන්දු කියල නම තියෙන දෙන්නෙක්හිටියා. මාව අරන් යන්න ආපු හමුදාවේ අය මේ දෙන්නව වැරදීමකින් අරගෙන ගිහින් තිබුණා.

මට තිබුණු ජීවිත තර්ජන හින්දා පැත්තෙම නීතිඥවරයකුගේ නිවසේ නැවතිලත් හිටියා.

දවසක්පාසල් ගිහින් එනකොට පොලිසියෙන් අපිව අල්ලගෙන ළමයි ගොඩක්ඇඹිලිපිටිය පොලිසියට අරන් ගියා. පාසල් ඇඳුමෙන් මයි ගෙනිච්ෙච්.

වාසනාවට ගමේ මිනිස්සු දැක්කා අපිව අරන් යනවා.

කාලේ පොලීසියෙන් අල්ලන් යන අය ආපහු ගෙවල්වලට එන්නේ ගොඩක්අඩුවෙන්.

අපි සේරටම මරණ භය හොඳටම දැනුනා.

අපිව අල්ලන් ආපු බව අම්මලා තාත්තලට ආරංචිවෙලා සේරම පොලිසියට ආවා. පැය ගණනකට පස්සේ අපිව නිදහස්කළා.

ඉන්පස්සේ පාසල් ගමන පැත්තක තබා වික්රම ගමෙන් පිට කරන්නට දෙමාපියන් පියවර ගත්තා. ඒ අනුව මොණරාගල ප්රදේශයේ ඥාතියකුගේ නිවසේ මාස ගණනක්සැඟව සිටින්නට වික්රම හට සිදුවිය. ඒ නිසා එම වසරේ සාමාන් පෙළ විභාගය අත්හැර දමන්නට ඔහුට සිදුවිය.

වෙනකොට මම හැංගිලා හිටපු පැත්තේ කොටි කලබල ඉතින් රෑට රෑට මුරකරන්නත් යන්න වුණා. මරණ බයෙන් තමයි මොනරාගලත් හිටියේ.

කාලේ අපේ පන්තියේ විශාල පිරිසක්අතුරුදන් වුණා.....

අපේ පාසලේ ළමුන් දෙසීයක්භීෂණ සමයේ අතුරුදන් වුණා, මරා දමලා තිබුණා.

භීෂණ සමයේ මිනී සියගණන් මම දැක්කා. ඒ වගේ කාලයක්ආයෙ නම් එන්න එපා කියලයි මම නම් ප්රාර්ථනා කරන්නේ.

වික්රම ආපසු ගමට ආවේ ඊළඟ වසරේ අපොස සාමාන් පෙළ විභාගයට දින දෙකකට පෙරය.

"විභාගයේ ඇඩ්මිෂන් එක තාත්තා ගෙනත් තිබුණා. ඒ තරම් ප්රශ්න මැද විභාගය ලිව්වත් මම ඉහළින්ම සමත් වුණා.

වනවිට රට ක්රමයෙන් සාමකාමී වෙමින් පැවතිනි.

කුඩාකල සිටම තමන් ආශා කළ ගණිත විෂය ධාරාවෙන් වික්රම උසස්පෙළ හදාරන්නට පටන්ගත්තේය.

සමරසේකර ගුරුතුමත් ඇතුළු සමස් ගුරු මණ්ඩලයම වික්රමට අත දුන්නේය.

වික්රම උසස්පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව මොරටුව ඉංජිනේරු පීඨයට තේරිණි.

ඔය අතරේ එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක් මහතා, පවිත්රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිස සූරියකන්ද සිද්ධිය සොයාගෙන සම්බන්ධ නීතිමය පියවර ගත්තා. ඒ නඩු විභාගයේ සාක්කිකරුවෙක්ලෙස මමත් ඉදිරිපත් වුණා.

සූරියකන්ද සමූහ මිනී වළ හාරපු දවසේ මට මතකයි එවකට පැවති එ. ජා. ප. රජය පැත්තට යන්න නොදී ගල් ගැහුවා සංවිධානාත්මක පිරිසක්ලව්වා.

සූරියකන්ද හාරද්දී අපට හම්බුණේ රෙදි කෑලි මිනී ඇටකටු........ අපේ යාළුවෝ නේද මේ කියලා මට හිතුනා..... ඒ ආපු ආවේගය වචනයෙන් විස්තර කරන්න අමාරුයි. වික්රම පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි. මට මගේ අතුරුදන් වුණු යාළුවන්ගේ මුහුණු අපි කියපු කරපු දේවල් මැවිලා පෙනුනා. මම තවමත් හිතනවා ඇඹිලිපිටිය සිසු ඝාතනයේ මැරුණු අයට සාධාරණය ඉටු වුණේ නැහැ කියලා. පොදු පෙරමුණු රජය බලයට එන්න ඒක විශාල හේතුවක්වුණා.

දරුවකු ගැන මව තරම් හොඳින් දන්නා තවත් අයකු නැති තරම්ය.

වික්රම ගැන ඔහුගේ අම්මා ලලිතා ප්රේමසීලි මහත්මිය ඔහු කුඩා කල සිටම ඕනෑම දේකට දක්ෂයෙක්බව පවසන්නේ වර්තමානයේ ඔහුගේ ක්රියාකාරකම් ගැන දැඩි ආඩම්බරයෙනි. මම වික්රම හා මාගේ දියණියන් දෙදෙනා උපදින විට සමුපකාර කළමනාකාරීවරියක ලෙස සේවය කළා. අපේ ගේ තිබුණේ චන්ද්රිකා වැව කිට්ටුව. වික්රමගේ පියත් පාසලට යන නිසා හැමවෙලාවෙම ගෙදර ඉන්නේ වික්රමයි දුවලා දෙන්නයි. දවසක්මම ගෙදර එනකොට වික්රම දුවලා දෙන්නත් අරගෙන චන්ද්රිකා වැවේ පීනන්න ගිහිල්ලා. මම එදා හොඳටම බය වුණා. රැකියාවෙන් ඉවත්වෙලා දරුවෝ බලාගන්න මම තීරණය කළා.

වික්රමට පොඩි කාලේ ඉඳලා හැමදේම පුළුවන්. හොඳට උයන්නත් පුළුවන්.

88/89 භීෂණ කාලේ අපි වික්රම ගැන හරිම බයෙන් හිටියේ. ඒ කාලේ ගැන හිතන කොටස්බය හිතෙනවා. අපේ පුතාගේ පන්තියේ ළමයිනුත් මැරුවා. ඒ දවස්වල මට රෑට නින්ද යන්නේ නැහැ. පුතා නිදාගත්ත තැන ජනේලේ එල්ලිලා එළිවෙනකල් නිදි මරපු දින අනන්තයි. රෑට වාහනයක්පාරේ යන කොට අපි බයයි. වාහනයක්එනකොට අපි හිතන්නේ දරුවෝ උස්සන් යන්න එනවා කියලා. අපේ පුතාගේ යාළුවො ගොඩක්අතුරුදන් වුණා. මැරුණා. ආයෙත්නම් ඒවගේ කාලයක්එන්න එපා........

විශ්වවිද්යාල ජීවිතය වික්රමගේ ජීවිතයේ ප්රධාන සන්ධිස්ථානයක්විය.

මොරටුව විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට 1995 ඔක්තෝබර් 25 වැනිදා ඇතුළු වූ වික්රම පළමු වසරේදීම තම කණ්ඩායමේ නියෝජිත ලෙස තරග කර වසර හතරක් කණ්ඩායම් නියෝජිත තනතුර දැරීය. එහි සියලුම සංගම්වල සක්රීය සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

"පළමු වසරේ විභාගය ඔන්න මෙන්න කියලා තියෙද්දී අපේ ඉංජිනේරු ශිෂ්යයෙක් අසනීප වුණා. සොයලා බලනකොට පිළිකාවක්‌. රුපියල් ලක් 13 ක්අවශ් වුණා එයාව සනීප කරන්න. විභාගය ආසන්නයේ වුණත් මම මුළු කාලයම වැය කරලා ආධාර එකතු කරලා රුපියල් ලක් 13 හොයලා ළමයට ප්රතිකාර කළා. අද එයා ජීවතුන් අතර ඉන්නවා. මම සිද්ධිය ජීවිතය පුරාම ආසාවෙන් සිහිපත් කරනවා.

මගේ විශ්වවිද්යාල ජීවිතයේදී ගුරුවරුන් අතරත් ළමයි අතරත් ජනප්රිය චරිතයක් වුණා. එන්. ඩී. ටී. ශිෂ්යයන් හා ඉංජිනේරු ශිෂ්යයන් අතර ගැටුම ඇති වුණෙත් කාලේ සඳහා ඉංජිනේරු ශිෂ් සංවිධානය පිහිටෙව්වා. එහි කැඳවුම්කරු වුණේ මම. හැබැයි හැමෝටම සාධාරණ විසඳුමක්ලබාදීලා සාමය ආරක්ෂා වෙන විදියේ වැඩපිළිවෙලක්දියත් කරන්න අපට හැකි වුණා.

"මොරටු සරසවියෙන් අපිත් එක් ඉගෙන ගත්තු ඉංජිනේරුවෝ ගොඩක්රට දාලා ගියා. ඒත් මට හිතුනේ ඉපදුනු රටට සේවය කරන්න.

මම මොරටු සරසවියෙම පශ්චාත් උපාධිය හැදෑරුවේ බලශක්ති තාක්ෂණය (Eබැරටහ eජයබදකදටහ) විෂයන් වරාය කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය ඔහු ලබාගත්තේ ලන්ඩනයේ ඇමරිකානු ජාත්යන්තර විශ්වවිද්යාලයෙන්.

සිය ජීවිතයේ සාර්ථකත්වයට බලපෑ තවත් ප්රධානම දෙයක්ලෙස වික්රම පවසන්නේ අරපිරිමැස් හා ඉතිරි කිරීමයි.

මම පුංදචි කාලේ ඉඳලා හොඳ ගොවියෙක්‌. කුඹුරු කළා, එළවළු වැව්වා, අදටත් වරාය සභාපති නිල නිවසේ පැත්තකත් මම එළවළු වවනවා.

අම්මා රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ තාත්තගේ වැටුප විතරයි අපේ පවුලටම තිබුනේ. ඒ හින්දා අපට යම් යම් ආර්ථික අපහසුතා තිබුණා.

වික්රමට සිය ජීවිත සහකාරිය හමුවෙන්නේ මොරටුව සරසවියේදීය. ඇය නමින් හිමාලි ඒකනායකය. වික්රම හිමාලිව මුලින්ම දැක ඇත්තේ විශ්වවිද්යාලයේ තුන්වන වසරේ පුහුණුවකට නුවරඑළියේ මිල්කෝ කර්මාන්ත ශාලාවට ගොස්සිටියදීය. එවකට රාගල මහජන බැංකුවේ සේවය කළා. ඇයත් වික්‍රම දැක ඇත්තේ දිනක්බැංකුවට ගිය අවස්ථාවේය. එහෙත් ඇය බවක්දැන සිටියේ නැත. නවක ශිෂ්යාවක ලෙස හිමාලි මොරටු සරසවියට එනවිට මුළු මොරටුව විශ්වවිද්යාලයේම එවකට සිටි ජනප්රියම ශිෂ්යයා ප්රියත් බන්දු වික්රමය.

"වික්රම කතාවට හරි දක්ෂයි. එයා ශිෂ් සංගමයේ කැඳවුම්කරු. විශ්වවිද්යාලයේ ගැහැනු ළමයි හැමෝම එයාට හරිම කැමතියි. විශ්වවිද්යාලයේ මට වඩා ඉහල වසරක අක්කා කෙනෙක්හිටියා දයානි කියලා. දයානි අක්කා තමයි අපේ සම්බන්ධයට කපුකම කළේ" හිමාලි අප සමග අතීතය විස්තර කළාය.

1999 දී අපේ සම්බන්ධය පටන් ගත්තේ. 2003 දී අපි විවාහ වුණා. අපේ සම්බන්ධයට දෙපැත්තෙම දෙමාපිය ආශිර්වාදය ලැබුණා.

ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකි. හිමාලි ඉංජිනේරුවරියක වුවද අද දරු දෙදෙනා බලාගෙන නිවසට වී සිටින්නීය.

හම්බන්තොට වික්රමගේ සිහිනය...... ඒක අපිටත් සතුටක්සියල්ල අතර ගෙදර ගැන බලන්නත් වික්රම අතපසු කරන්නැහැ. එයා හොඳ සැමියෙක්හිමාලි වැඩිදුරටත් පැවසුවාය.

වික්රම විශ්වවිද්යාල ජීවිතය අතරතුර විනෝදාංශයක්ලෙස පාරිසරික ඡායාරූප ශිල්පියකු ලෙසටද කටයුතු කළේය.

ලංකාව පුරාම මම යාළුවොත් එක් සැතපුම් සිය ගණන් පයින් ගිහින් තියෙනවා. එක සැරයක්අපි රඹුක්කන ඉඳලා බණ්ඩාරවෙලට පයින් ගියා. මංචනායක, වරුණ කුලතිලක, තිලංක විතාරණ, සේපාල කියන යාළුවෝ ටික මාත් එක් මේ ගමන ගියා. ඒ සේරමලා ඉංජිනේරුවෝ වගේම ඡායාරූප ශිල්පීන්. එකවරක්සෙවනගල සීනි සමාගමේ පුහුණුවකට ගිහින් ඉන්නකොට අලි බලන්න කැලේට ගියා. වනරක්ෂකයන් අපිව අල්ලන් ගියා. පැලවත්ත සීනි සමාගමේ ප්රධාන ඉංජිනේරුවා තමයි යන්තම් අපිව බේරගත්තේ. අපි සිංහරාජෙ හැම තැනම ඇවිදලා තියෙනවා. ලෝකාන්තයෙන් පහලට බැහැලා බලංගොඩට පයින් ගිහින් තියෙනවා.

වික්රම තමන්ගේ අත්දැකීම් විස්තර කළේය.

පාසල් බාල දක් කණ්ඩායමේ සාමාජිකයෙක්ලෙස මා කටයුතු කළා. ඒ වගේම කිලෝමීටර් 42 මැරතන් දුවපු කෙනෙක්මම.. දණහිසේ ආබාධයක්නිසා මැරතන් ක්රීඩාවට අතර මග නතර කළා. මොරටුව විශ්වවිද්යාලයේ ක්රිකට්කණ්ඩායමටත් මම ක්රීඩා කළා.

අපොස උසස්පෙළ විභාගයෙන් පස්සේ වසර දෙකක්මම ඇඹිලිපිටිය මධ් මහා විද්යාලයේම ඉගැන්වුවා. ඒ අතර ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ නියෝජිතයකු ලෙසත් කටයුතු කළා.

මාධ්යවේදීන් සමඟද වික්රමට ඇත්තේ කිට්ටු සබඳතාවයකි. මහින්ද රාජපක් මහත්තයා ධීවර ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ධීවර අමාත්යංශයේ මාධ් නිලධාරියා ලෙස පත්කරන ලද්දේ වික්රමය. ඒවනවිට වික්රම මොරටු සරසවියෙන් ඉංජිනේරු උපාධිය අවසන් කර සිටියේය.

ඒත් ජනතාව සමඟ වැඩකරන විදිහ ගැන මට වෙනකොට එතරම් අවබෝධයක්තිබුණේ නැහැ. ඒ දිනවල දවසක්මහින්ද රාජපක් මහතා මාව කාමරයට ගෙන්වාගෙන පැයක්තිස්සේ මට හොඳටම බැනලා කරුණු කියාදුන්නා. මිනිසුන් සමඟ සබඳතා ගොඩනගන විදිහ කියලා දුන්නා.

එතුමා එදා දීපු අවවාද මගේ ජීවිතයේ සාර්ථකත්aවයට සුවිශාල පිටිවහලක්වුණා. මට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ.

මම කවදාවත් කළගුණ අමතක කරන්නේ නැහැ. මම කටයුතු කරන්නේ බෞද්ධ දර්ශනය අනුව මුල අමතක කරපු අයට සිදුවුනු දේවල් අපි පහුගිය කාලය පුරාම දැක්කා. මගේ සාර්ථකත්වයේ නියමුවා ජනාධිපතිතුමායි. ධනාත්මකව සිතන්න, රාමුවෙන් පිට හිතන්න මාව හුරු කළේ ජනාධිපති තුමායි.

ශ්රී ලංකා වරාය අධිකාරියේ ප්රධාන සියලු තනතුරු දරා ඇති එකම සභාපතිවරයාද ඔහුය. වරාය ඉංජිනේරු, අධ්යක්, අතිරේක කළමනාකාර අධ්යක්, විධායක අධ්යක්, කළමනාකාර අධ්යක්, සභාපති යන සියලු තනතුරු ඔහු විසින් දරන ලදී. ඉංජිනේරුවකු ලෙස සිටින කාලයේ වරායේ සියලු තැන්වල කොට්ඨාසවලම පාහේ ඔහු සේවය කර තිබේ. ඔහුගේ සාර්ථකත්වයට එයද හේතුවන්නට ඇත. අද වනවිට හම්බන්තොට වරාය ඇතුළු මෙරට වරාය සංවර්ධනය ලොව බොහෝ රටවලට ගැටළුවක්වී ඇත්තේ එයින් ඔවුන්ගේ ආදායම් මාර්ග ඇහිරෙන නිසාය. මේ නිසා දෙස්විදෙස්බලවේග සියල්ල එක් විවිධ ස්වරූපවලින් මේ සංවර්ධන ක්රියාවලිය කඩාකප්පල් කිරීම සඳහා විවිධ කුමන්ත්රණ දියත් කරමින් සිටිති.

මෙවැනි බලවේගවලින් මේ තරුණ ඉංජිනේරුවා බේරා ගැනීම රටේත් ජාතියේත් වගකීමකි.


No comments:

Post a Comment