October 11, 2011 at 3:33 pm | Lanka C News.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක වෘත්තීය සමිති විසින් පවත්වාගනෙ යනු ලබන ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සමාගමෙහි සිදුව ඇතැයි කියන රුපියල් ලක්‍ෂ දහසකට අධික වංචා හා දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් විසින් අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිසමට ලිතව පැමිණිලි කර තිබේ.
එම සමාගමෙහි අදායම් හා වියදම් ගිණුම් ඉදිරිපත්කර නැතැයිද අධ්‍යක්‍ෂ මණ්‌ඩල හෝ සේවක මහා සභා රැස්‌වීම් පවත්වා නැතැයිද එමගින් උපයා ගන්නා ලද රුපියල් කෝටි ගණන් මුදල්වලට සිදුවූයේ කුමක්‌දැයි නොදන්නා බව ද පැමිණිල්ලේ සඳහන් වේ.
අදාළ සමාගම විසින් ගාලු මුවදොර රථ ගාලද, ගාලු මුවදොර කඩ සාප්පු ද, ගාලු මුවදොර දැන්වීම්කරණය ආදියෙන්ද රුපියල් කෝටි ගණන් උපයා ඇතත් ඒවා සේවක සුබසාධනයට යොදවා නැතැයිද වරාය සේවකයෝ පවසති.
මේ ආයතනයේ ගනුදෙනු හා ඉපැයීම් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයාද විගණන වාර්තා මගින් දැඩි ලෙස ප්‍රශ්න කර තිබිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අදාළ සමාගමට සේවක සුබසාධනය සම්බන්ධ කොන්දේසි මත ගාලු මුවදොර රථ ගාල හා අනෙකුත් දේ ලබාදී තිබූ අතර එමගින් උපයාගත් මුදල් මගින් කිසිදු සේවක සුබසාධනයක් සිදුව නැතැයි පැවැසේ.
3,818 Viewers have read This article
No Comments to “වරාය නිදහස් සේවක සමාගමට අල්ලස් චෝදනා”
- Mahinda Randeniya says:
ඔය බලු සමිතිය ගාලු මුවදොර විතරක් නොව මුලු වරායම කාබනීසියා කරා.වරාය ගෙවල් සල්ලි වලට වික්කා.මුදලට උසස් වීම් දුන්නා..
නිදහස් පක්ෂයේ කීර්තිනාමයද විනාශ කරා.මේ ජරා වැඩ එළිදරව් කරපු ආචාර්ය ප්‍රියත් බන්දු මහතාට සැමගේ ආචාරය හිමි විය යුතුයි.
No comments:
Post a Comment