Best Blogger Tips මහින්දගේ අඩවිය: කොළඹ මුහුදේ නගරයක් හැදීමට සියල්ල සූදානම්

ආයුබෝවන්

ආයුබෝවන්

Monday, February 28, 2011

කොළඹ මුහුදේ නගරයක් හැදීමට සියල්ල සූදානම්


කොළඹ දකුණු වරායට ආසන්නයේ කොළඹ මුහුදේ නව නගරයක් (Port City) ඉකිදිරීමට සැලසුම් සකස් කර ඇති බවත් එම කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට සූදානම් බවත් ශ්රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
ගාලූ මුවදොර ප්රදේශයේ සිට කොළම වරාය දක්වා මුහුදේ අක්කර 330ක් ගොඩකර මෙම නව නගරය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.
මෙහි මුහුදගොඩ කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය වනු ඇතැයි ශ්රී ලංකා වරාය අධීකාරිය ප්රකාශ කළේය.
මෙම භුමිය උපයෝගි කරගනිමින් සැලසුම් සහගත නව නගරයක් ගොඩනැගීමට නියමිත අතර එහි මුළුමණින්ම අක්කර 200ක භූමි ප්රමාණයක් වෙන්වනුයේ මාර්ග සහ වෙළෙඳ ගොඩනැගිලි සඳහාය. එමෙන්ම ඉතිරි අක්ක 130ක භූමි ප්රමාණයේ පරිසර හිතකාමී උද්යාන, නිවාස, හෝටල්, සාප්පු සංකීර්ණ සහ කාර්යාලද ඉදිකරන බව වරාය අධීකාරිය ප්රකාශ කළේය.
නව නගරයට ඇතුලුවන පෞද්ගලික රථවානහ සංඛ්යාව අඩු කිරීම වෙනුවෙන් ඉතා සුඛෝපබෝගී පොදු ගමනා ගමන පහසුකම් සේවාවක් යෙදවීමටද නියමිතය.
ගාලු මුවදොර පිහිටි පරණ පාර්ලිමේන්තු සංකීර්ණයේ අභියස සිට කොළඹ වරාය දෙසට මුහුදේ මෙම නව නගරයේ භූමි සීමාව ව්යාප්ත වෙනු ඇත.
දශක තුනක කාල සීමාවක් පැවති යුදමය තත්ත්වය ශ්රී ලංකාවේ නිම වීමත් සමඟින් රට දැවැන්ත සංවර්ධන ගමනක් කරා යන මෙම මොහොතේ රජය මෙම නව ව්යාපෘතිය ඔස්සේද බලාපොරොත්තු වනුයේ ඉතා ඉහළ විදෙස් විනිමයක් රට තුළට ගෙන්වා ගැනීමය.

No comments:

Post a Comment