Best Blogger Tips මහින්දගේ අඩවිය: 2011

ආයුබෝවන්

ආයුබෝවන්

Sunday, October 30, 2011

හම්බන්තොට වරාය වට්ටන්නේ.........


හම්බන්තොට වරාය වට්ටන්නේ

සිංගප්පූරු ඔත්තුකරුවන් සහ මහා භාණ්ඩාගාර ආර්ථික ඝාතකයන්

 


පසුගිය දිනවල විවිධ පිරිස් විසින් එලිපිට සහ වක‍්‍රව හම්බන්තොට වරායට මෙන්ම මත්තල ගුවන්තොටුපලටද ඉතා අගතිගාමී අවලාද නගනු දක්නට ලැබුණි. මේ අවලාද සමහරකට හේතු භූත වන කාරණා ඉදිරිපත් වුවද ඒවා ඉදිරිපත් කිරිමේ අරමුණු අගතිගාමී බව පැහැදිලිව පෙණුනි. නමුත් මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන විවේචනවල අරමුණ හැකි ඉක්මණින් ගැටළු නිරාකරණය කොට ජාතියේ ඒ මහා සම්පත් රැක ගැනීමයි. එයට හේතුව එම සම්පත් මඟින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම භූ දේශපාලනික ආධිපත්‍යයටද උපාය මාර්ගිකව ඉතා විශාල බලපෑමක් එල්ලකල හැකි වීමයි.
හම්බන්තොට වරායේ වටිනාකම පිළිබඳව විවිධ විද්වතුන් අදහස් පළකොට ඇත. නමුත් ඒ අතුරින් මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහ මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක මහතා ඉතා සුවිශේෂි වේ. එයට හේතුව වසර 12 කට පෙර අදාළ ස්ථානයේ මහා පරිමාන ජාත්‍යන්තර වරායක් ඉදිකළ හැකි බවට තාක්‍ෂණික අධ්‍යනයක් ඒ මහතා විසින් සිදු කිරීමයි. ඒ මහතා එදා ඒ වෙනුවෙන් තම පුද්ගලික ධනය මිලියන 2 කට වඩා වියදම් කොට ඇත. ඊට අදාල තාක්‍ෂණික වර්තා අඩංගු ලිපි ගොනු පරීක්‍ෂා කිරිමේ භාග්‍යය මේ ලියුම්කරුටද ලැබුණි.
ආරියශීල වික‍්‍රමනායක මහතා ඉන්දියානු සාගරයේ නාවික සේවා සැපයීම පිළිබඳ අධිකාරි බලයක් උසුලන ව්‍යාපාරිකයකු පමණක් නොව නාවික ක්‍ෂෙත‍්‍රයේ තාක්‍ෂණික වෘතීයවේදියෙකි. එතුමාගේ මතයට අනුව හම්බන්තොට වරාය ලෝකයේ ප‍්‍රධාන වරායවල් 10ට ඇතුල්වනු ඇත. ඉදිරි වසර 100කට පසු නිපදවන මහා පරිමාන නාවික යාත‍්‍රා ඇතුල් කළ හැකි ලෝකයේ ප‍්‍රධාන වරායක් බවට පත්වන්නේ හම්බන්තොට වරායයි. වෙනත් වචන වලින් කියනවා නම් හම්බන්තොට කලාපයේ ප‍්‍රධානම වරාය බවට පත්වනු ඇත. ඒ විභවය අප රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් දැන නොසිටියත් සිංගප්පුරුවේ සිට ක‍්‍රියාත්මක වන ආර්ථික ඝාතක ඔත්තුසේවා ඉතා හොඳින් දන්නා බවට සැකයක් නැත. හම්බන්තොට වරාය ජාතියේ ප‍්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතිය බවට පත්විය යුතු වුවත් එය එසේ නොවන්නේ ඒ සිංගප්පුරු මෙහෙයුම්නිසා බව ඉතා පැහැදිලිය. එම ව්‍යාපෘතිය සඳහා ණය ගැනීම වැලැක්වීමට අප රටේ සමහර භාණ්ඩාගාර නිළධාරින් දිගින් දිගටම උත්සාහ කළ බවටද විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල විය.
හම්බන්තොට වරාය ලෝකයේ අඩුම වියදමකින් ඉදිකරණ වරාය බවට පත්වන්නේ එය ගොඩ බිම ඉදිකිරිම නිසාය. ඒ නිසාම එය මහා ව්‍යාපෘතියක් ලෙස එකවර අවසන් නොකර අදියර කිහිපයකින් අවසන් කිරීමට තීරණය කිරීම මුල්‍යමය වශයෙන් කෙසේ වෙතත් තාක්‍ෂණික, ආර්ථික සහ දේශපාලන වශයෙන් සාධාරණ නොවේ. වික‍්‍රමනායක මහතාගේ වචන වලින් කියන්නේ නම් ‘‘හම්බන්තොට වරාය හදන්න ණය ගත්නේ නැතිනම් වෙන කිසිවකට අපට ණය අවශ්‍ය නැත.’’ කෙසේවෙතත් රජයට උපදෙස් ලැබෙන්නේ එය අදියර දෙකකින් නිම කිරීමටය. ඒ නිසා දෙවන අදියර ඉදිකිරිමේදී පළමු අදියරට වඩා තාක්‍ෂණික වශයෙන් අපහසුතා වලට මුහුණදීමට සිදුවන අතර ඒ සඳහා වැඩි පිරිවැයක්ද දැරීමට සිදුවනු ඇත.
අවසානයේදී වරායේ පළමු අදියර සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට පෙර එය විවෘත කිරීම නිසා වරායේ මුව විටේ පතුලේ ඇති කළුගල කැඩිම සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇත. විවෘත කිරීමට හෙවත් වරායට වතුර ඇතුල් කිරීමට පෙර එම ගල අවශ්‍ය ගැඹුරට කඩා අවසන් කලා නම් ගමේ ‘‘ගල්කොරියක’’ ගල් කඩන වියදමින් එය සිදුකිරීමට ඉඩ තිබුණි. එසේ වුවත් වරායේ ගලක් තිබෙන නිසා නැව් ඇතුල්කළ නොහැකි බව සහ ඒ නිසා එය වැඩක් නැති වරායක් බව පැවසීම දුෂ්ඨ සහ තකතීරු ප‍්‍රකාශයකි.
කොළඹ වරායේ ගැඹුර මීටර 10 සිට 15 දක්වා  මීටර 5 කින් වැඩි කිරීම සඳහා ගල් කඩන්නේත් වතුර යටදීය. ඒ සඳහා සුද්දන්ගෙන් උපදෙස් ගත්තේ නැත. ලංකාවේ මාස්ටර් ඩයිවර්ස් ආයතනය ඒ අභියෝගය ජයගෙන පෙන්විය. අදත් ඒ ආයතනයත් එහි අධිපතිවරයාත් ජිවතුන් අතර සිටින අතර සියලූ උපකරණද නිරුප‍්‍රදිතව ඇත. ඒ නිසා යම් වියදමක් වැඩි වුවද හම්බන්තොට වරාය  ඕනෑම කාලයක අවශ්‍ය ප‍්‍රමාණයට ගැඹුර කිරීම තාක්‍ෂණික ගැටලූවක් නොවේ. ගැටලූව ඇත්තේ මේ තාක්‍ෂණික කාරණා පිළිබඳව ආණ්ඩුව උපදෙස් ගන්නේ කාගෙන්ද යන්න තුළය. එසේ උපදෙස් ගන්නේ සිංගප්පුරුවේ ඔත්තුකරුවන් හෝ ඔවුන් විසින් මෙහෙයවන ශ‍්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයින්ගෙන් නම් ප‍්‍රශ්නය ඉදිරියටත් ඉතා බරපතල වනු ඇත.

හම්බන්තොට වරාය හෑල්ලූ කිරිම සහ ඊට නින්දා කිරීම එතෙකින් නවතින්නේ නැත. වරාය විවෘත කරන උත්සවය කොතරම් ගාම්භීර ආකාරයට සංවිධානයකොට තිබුණත් වරායේ පළමු භාණ්ඩ තොගය ගොඩබෑම මඟින් සංඛේතවත් කළේ කුමක්ද? බහාලූම් ගොඩබෑම සඳහා සුදුසු දොඹකරයක් සහිත නෞකාවක් පිටුපසින් පැමිණියත් සිදුවුයේ කුඩා නැවකින් පෙට්ටිකැලි කිහිපයක් ගොඩ බෑමය. ඒ මඟින් සංඛේතවත් කළේ 1950 දශකයේ කොළඹ වරාය බවට සැකයක් නැත. ලෝකයේ ප‍්‍රධාන පෙළේ වරායක් විවෘත කිරිමේදීම ඒ ආකාරයට ලෝකයා ඉදිරියේ හෑල්ලූවට ලක්කිරීම පැහැදිලි කරන්නේ කෙසේද? ඒ පුංචි මනස් වල පුංචි කම නිසාද, එසේ නැතහොත් කිසිවෙකුගේ සැලසුම් කළ යට් අරමුණක් නිසාද? අපේ හම්බන්තොට වරාය හෑල්ලූවට ලක් කිරීම මඟින් ආයෝජන ප‍්‍රවනතාව වෙනස් කිරිමේ උවමනාව ඉහළින්ම ඇත්තේ සිංගප්පුරුවටය. අපේ රටේ ආර්ථික ඝාතකයින් සිංගප්පුරු ඔත්තුකරුවන්ගේ උවමනාවට හිතා මතා එවැනි පහත් වැඩක් කලානම් එසේ කරන්නේ නිකම්ම නිකම් අත පිසදා ගැනීමට නොවන බව ඉතා පැහැදිලිය.
හම්බන්තොට වරායට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ඇති බව තහවුරු කිරීමට තවත් ප‍්‍රභල සාක්‍ෂියක් ඇත. ඒ කොළඹ දකුණ වරාය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ඒමයි. ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගය ආශ‍්‍රිතව හම්බන්තොට වරායට තිබෙන වාසි දායක තත්ත්වයෙන් 10% ක් වත් කොළඹ වරායට නැත. එසේ නම් කෙළඹ දකුණු වරායේ ඇති විශේෂ වැදගත්කම කුමක්ද? වර්තමාන ජනාධිපතිතුමාගේ සුවිශේෂි මැදිහත් වීම මත හම්බන්තොට වරායේ පළමු අදියර සඳහා ණය ලබාගත් බව දැන් ප‍්‍රසිද්ධ රහසකි. එතෙක් ඒ සඳහා ණය ලබාගත නොහැකි විය. හම්බන්තොට අඩුතරමින් ණය ඉල්ලූම් කිරිමේ ප‍්‍රමුඛතා ලැයිස්තුවටවත් ඇතුල්වූයේ නැත. නමුත් කොළඹ දකුණු වරායට ණය දීමට ණය දෙන ආයතන පැනලා ඉදිරිපත් විය. එම වරාය ඉදිකිරිමේදී වියදම් අධිකම වැඩ කොටස වන දිය කඩනය ඉදිකෙරෙන්නේ එසේ ශ‍්‍රී ලංකා රජය ආපසු ගෙවිය යුතු ණය වලිනි. නමුත් ණය දෙන ආයතන රජයට උපදෙස් දෙන්නේ අඩු වියදම් ජැටිය හදන පුද්ගලික සමාගමට බහාලූම් අංඟනය බදුදෙන ලෙසය.
දැන් බහාලූම් අංගනය සඳහා ඉල්ලූම් කරන සමාගම් කියන්නේ වෙනත් වරායක බහාලූම් අංගනයක් ඉදිනොකරන බවට සහතික වන ලෙසය. බළලා මල්ලෙන් එළියට පනින්නේ එතැනදීය. ඔවුන් ඒ මඟින් වක‍්‍රව රජයට බලකරන්නේ හම්බන්තොට වරායේ බහාලූම් අංගනය ආරම්භ නොකරන ලෙසය. මෙය හම්බන්තොට වරායට එරෙහිව කුමන්ත‍්‍රනයක් නොවේ නම් වෙන කුමක්ද? මීට අදාල තීන්දුගත් පිරිස් තම තීන්දුවල මුල්‍යමය, ආර්ථික සහ තාක්‍ෂණික සාධාරණීකරණය මහජනයාට ඉදිරිපත්කල යුතුව ඇත. එසේ නොකරන්නේ නම් එම තීන්දු ආර්ථික ඝාතක තීන්දු ලෙස සැළකීමට මේ රටට ආදරය කරන මහජනයාට අයිතියක් ඇත.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අසාර්ථක කිරිමේ සහ එය ජාත්‍යන්තරව හෑල්ලූවට ලක් කිරිමේ ප‍්‍රභල උවමනාව ඇත්තේ සිංගප්පුරුවට බව අප පුන පුනා කියමු. එහෙත් ශ‍්‍රී ලංකාව දණ ගැස්සවිම සඳහා සියල්ල කරන බටහිරයන්ද ඊට ආශිර්වාද කරන බවට සැකයක් නැත. කෙසේ වෙතත් කුමන්ත‍්‍රන සියල්ල පරදා වරාය සම්පුර්ණ ක‍්‍රියාකාරිත්වයට පැමිණිම යනු සිංගප්පුරුවේ ඊ නියා අධි සංවර්ධන බැලූම්බෝල අතුරින් ප‍්‍රධාන බැලූමක් පුපුරුවා හැරීමකි. වරායට ගරහන අපේ විපක්‍ෂයට මේ කිසිවක් අදාල නැත. ඔවුන් අතට අහුවන දෙයක් මල්ලේ දමාගන්නා අසරණ යාචකයින් පිරිසකි. ඔවුන් වරායට ගරහන්නේත් ඒ යාචක මනසින් මිස අන් ආකාරයකට නොවේ. ඒ ගැන කණගාටුවනවා මිස කලබල විය යුතු නැත. නමුත් සිංගප්පුරු ඔත්තුකරුවන් ක‍්‍රියාක්තමක වන්නේ කුමන තැන්වලද යන්න සොයා බැලීම ජාතික වැදගත්කමක් ඇති වගකීමකි.
වරායට එරෙහිව දියත් වූ කුමන්ත‍්‍රණය දැන් මත්තල ගුවන්තොටුපලට එරෙහිවද ක‍්‍රියාත්මක වේ. ගුවන් ගමන් ක්‍ෂෙත‍්‍රයේ විද්වතුන්ට අනුව පිහිටීමේ වාසිය අනුව අනාගතයේදී මත්තල ගුවන්තොටුපල කටුනායකට වඩා වැදගත් කලාපීය ගුවන්තොටුපලක් වනු ඇත. ඒ විභවය විසින් ද අවසානයේ සිංගප්පුරු ආර්ථිකයට ප‍්‍රභල බලපෑමක් එල්ල කරන බව අපට වඩා හොඳින් ඔවුන්ගේ ඔත්තුකරුවන් වටහාගෙන ඇත. දැනට අප සොයාබලා ඇති ආකාරයට මත්තල ගුවන්තොටුපලට එරෙහිවද විවිධ තාක්‍ෂණික කුමන්ත‍්‍රණ රාශියක් දියත් වී ඇත.  ඒවා බොහෝවිට කොන්ත‍්‍රාත්කාර සහ උපදේශක සමාගම් හරහා ක‍්‍රියාත්මක වනවා විය හැක.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

Monday, October 24, 2011

විශිෂ්ට ජයෙන් පසු


විශිෂ්ට ජයෙන් පසු
නිර්මාණශීලි එකමුතුවේ බණ්ඩාරනායක තටාකයේ හමුව..
2011.10.24


Monday, October 17, 2011

විශිෂ්ට ජයක්‌


නිර්මාණශීලි එකමුතුව - කණ්ඩායම් අංක 04
විශිෂ්ට ජයක්‌
 අපේ උණුසුම් සුබපැතුම්...



Tuesday, October 11, 2011

නිර්මාණශීලි එකමුතුව - කණ්ඩායම් අංක 04


වරාය නිදහස් සේවක සමිතියේ නිලවරණය


වරාය නිදහස් සේවක සමිතියේ නිලවරණය අත ලඟය. ඒ සඳහා කණ්ඩායම් හතරක් තරඟ වදී. ඉන් තරඟයක් ඇත්තේ දෙකක් අතර පමණි..එනම් වරාය සභාපති තුමාගේ පූර්ණ ආශීර්වාදය හිමි කණ්ඩායම් අංක 04 හා දූෂණ චෝදනාවන්ට ලක් වී ඇති  කලුතරගේ මතාගේ කණ්ඩායම් අංක 03 අතරය.මේ වන විට සභාපති තුමාගේ කණ්ඩායම බොහෝ ඉදිරියෙන් සිටී.එයට ප්‍රධාන හේතුව වන්නේඑම කණ්ඩායමේ නෑවුම් බවත් දක්ෂ  නිර්මාණ ශීලී පුද්ගලයින් රාශියකගේ එකමුතුවකින් යුක්ත වීමත්වරාය සභාපති තුමා කෙරෙහි  සාමාජිකයන් බහුතරයකගේ ඇති බලවත් විශ්වාසයත්ය. තවද සමිතියේ හිටපු නිළධාරින්ගේ ගසා කෑම් සාමාජිකයාට පමණක් නොව සමස්ථ වරාය සේවකයාටම මේ වන විට අප්‍රිය වී අජූව වී එපා වී තිබීමය.

පතිරණ සර්
කණ්ඩායම් අංක හතරේ සිටිනා මහේෂ් හා වැලිගම නැමති දක්ෂ කාර්යශූර මහතුන් දෙපළට අමතරව තවත් අපූර්ව මිනිසෙක් එහි ක්‍රියාකාරීව සිටී. ඔහු නමින් ආරියදාස පතිරණය.  

ප්‍රසන්න නිහතමානී පුද්ගලයෙකු වන පතිරණ මහතා මාතර ගැටමාන්නේ උපත ලැබූවෙකි.
පසුව රුහුණු විශ්ව විද්යලයේ කතිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කිරීමෙන්  අනතුරුව  ඔහු උපකාරක පංති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරන ලදී.  මාතර දිස්ත්‍රික්කයේ  80 දෂකයේ ජනප්‍රීයම ආර්ථීක විද්යා ගුරුවරයා ,දේශකයා වූයේ වූයේද ඔහුය.

බොහෝ දෙනෙක් නොදන්නා මේ ලියුම්කරු පමනක් දන්නා වෑදගත් කරුණක් මෙසේ දක්වමි. එනම් උපුල් නිශාන්ත මහතා  ජනාධිපති තුමාට ඉතාම හිතවත්ව මාතර නගරාධිපති ධුරය දරණා අවදියේ ඔහුගේ සෙවනැල්ලමෙන් සිටිමින්මාතර නාගරික සැළැස්ම නීර්මානය කිරීමට ගුරුහරුකම් දෙමින් දෙන ලද දායකත්වයයි.එහි අවසාන ප්‍රතිපලය වූයේ මාතර නගර සබාව එම වසරේ හොඳම නගර සබාවට හිමි සාම්මානයට හිමිකම් කීමයි.










Thursday, October 6, 2011

කලු බබා සහ හොරු ......


October 11, 2011 at 3:33 pm | Lanka C News.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක වෘත්තීය සමිති විසින් පවත්වාගනෙ යනු ලබන ශ්‍රී ලංකා වරාය නිදහස්‌ සේවක සමාගමෙහි සිදුව ඇතැයි කියන රුපියල් ලක්‍ෂ දහසකට අධික වංචා හා දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් විසින් අල්ලස්‌ හා දූෂණ වංචා විමර්ශන කොමිසමට ලිතව පැමිණිලි කර තිබේ.
එම සමාගමෙහි අදායම් හා වියදම් ගිණුම් ඉදිරිපත්කර නැතැයිද අධ්‍යක්‍ෂ මණ්‌ඩල හෝ සේවක මහා සභා රැස්‌වීම් පවත්වා නැතැයිද එමගින් උපයා ගන්නා ලද රුපියල් කෝටි ගණන් මුදල්වලට සිදුවූයේ කුමක්‌දැයි නොදන්නා බව ද පැමිණිල්ලේ සඳහන් වේ.
අදාළ සමාගම විසින් ගාලු මුවදොර රථ ගාලද, ගාලු මුවදොර කඩ සාප්පු ද, ගාලු මුවදොර දැන්වීම්කරණය ආදියෙන්ද රුපියල් කෝටි ගණන් උපයා ඇතත් ඒවා සේවක සුබසාධනයට යොදවා නැතැයිද වරාය සේවකයෝ පවසති.
මේ ආයතනයේ ගනුදෙනු හා ඉපැයීම් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයාද විගණන වාර්තා මගින් දැඩි ලෙස ප්‍රශ්න කර තිබිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අදාළ සමාගමට සේවක සුබසාධනය සම්බන්ධ කොන්දේසි මත ගාලු මුවදොර රථ ගාල හා අනෙකුත් දේ ලබාදී තිබූ අතර එමගින් උපයාගත් මුදල් මගින් කිසිදු සේවක සුබසාධනයක්‌ සිදුව නැතැයි පැවැසේ.
 3,818 Viewers have read This article
No Comments to “වරාය නිදහස්‌ සේවක සමාගමට අල්ලස්‌ චෝදනා
  1.    Mahinda Randeniya says:
ඔය බලු සමිතිය ගාලු මුවදොර විතරක් නොව මුලු වරායම කාබනීසියා කරා.වරාය ගෙවල් සල්ලි වලට වික්කා.මුදලට උසස් වීම් දුන්නා..
නිදහස් පක්ෂයේ කීර්තිනාමයද විනාශ කරා.මේ ජරා වැඩ එළිදරව් කරපු ආචාර්ය ප්‍රියත් බන්දු මහතාට සැමගේ ආචාරය හිමි විය යුතුයි.

Friday, September 23, 2011

මගේ මහත්තයා පුදුමාකාර ඉවසීමක්‌ තියෙන කෙනෙක්‌

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමගේ බිරිය චන්දිමා

ඔහු ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම. මෙරට වරාය කළමනාකරණය පිළිබඳ ප්‍රථම ආචාර්ය උපාධිධරයාවන ඔහු දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ සිහිනයක්‌ වූ හම්බන්තොට වරාය සැබෑවක්‌ කරදෙන්නට ජනාධිපතිවරයාගේ සෙවනැල්ල මෙන් සිටියේ ඔහුයි. ඒ ප්‍රියත් බන්දු වික්‍රමයන්ගේ ජීවිතයේ සෙවනැල්ල එනම් ආදරණීය බිරිඳ චන්දිමා හිමාලි ඒකනායකයි.

නුවරඑළිය නිල්දණ්‌ඩහින්න ප්‍රදේශයේ උපන් හිමාලි පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස උසස්‌ පෙළ හදාර මොරටුව විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු ගෞරව උපාධියක්‌ ලබා තිබෙනවා.

වෘත්තියෙන් ඉංජිනේරුවරියක්‌ වුවත් තම සැමියා අද රට වෙනුවෙන් සිදුකරන සේවාවට අත්වැලක්‌ ලබාදෙමින් තම දරු දෙදෙනා රැක බලා ගනිමින් සකසුරුවම් ගෘහිණියක වෙමින් නිවසේ වැඩකටයුතු කරමින් ඇය කල් ගෙවනවා. මේ ඇය තම සැමියා ගැන "නවලිය" ට කතා කළ අයුරුයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ දී තමයි වික්‍රම මට හමුවුණේ. ඒ අවුරුද්දේ නුවර එළියෙන් ඉංජිනේරු පීඨයට තේරුණු එකම ගැහැනු ළමයා වූයේ මමයි. මම පළමු වසරේ ඉන්නකොට වික්‍රම අවසන් වසරේ ශිෂ්‍යයෙක්‌. ඒ කාලේ ජාතික තාක්‌ෂණ ඩිප්ලෝමාධාරීන් හා ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ගැටුම් පැවතුණා. ඉංජිනේරු අංශයේ කැඳවුම්කරු වික්‍රම. ඒ නිසා ඔහු විශ්ව විද්‍යාලය තුළ හරි ප්‍රසිද්ධයි.

අපි දෙන්නාගේ යාළුවෝ තමයි මේ සම්බන්ධයට අඩිතාලම දැම්මේ. මම උසස්‌ පෙළ හැදෑරුවේ 1996 . 1998 දී මොරටු විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ 1999 දී තමයි වික්‍රම සමඟ සම්බන්ධය පටන් ගත්තේ. 2003 නොවැම්බර් 12 අපි විවාහ වුණා.

"අපි බොහොම චාමෙට විවාහ උත්සවය ගත්තේ. මගේ මල් බොකේ එක බ්‍රයිඩ්ස්‌ මෙඩ්ස්‌ලාගේ සාරි සේරම හැදුවේත් මමමයි."

අපට 2006 දී තිනුග පුතා ලැබුණා. 2009 දී සෙතුමි දුව ලැබුණා.

"මම හිතන්නේ හොඳ මනුස්‌සයෝ ඇතිවෙන්න කුඩා කාලයේ මව දරුවන් සමග සිටීම වැදගත් කියලා. ඒ හින්දා මම රැකියාවක්‌ නොකර දරුවෝ දෙන්නා හොඳට බලාගන්නවා.

දරුවෝ ලොකු වෙච්ච දවසකට මම රැකියාවක්‌ කරනවා. ඒ එක්‌කම මේ දිනවල මගේ පශ්චාත් උපාධිය සඳහාත් අධ්‍යාපනය හදාරන්න දවසේ කාලයක්‌ වෙන්කර ගෙන තියෙනවා."

"මම හිතන්නේ වික්‍රමගේ ජීවිතයේ සාර්ථකත්වය එයාගේ අම්මටයි තාත්තටයි අයිතියි කියලා. මම කවදාවත් ඒ දෙන්නගේ වචනයට උඩින් යන්නේ නැහැ."

"ඉස්‌සර හම්බන්තොට ලේවාය පෙන්නලා වික්‍රම කියනවා මෙතන කවදාහරි වරායක්‌ හදනවා කියලා.

එයා ඒකට ගොඩක්‌ මහන්සි වුණා. සමහර කාලවලට දවස්‌ තුන - හතර එක දිගට වැඩ. මම හැමදාම ඒවාට උදව් කළා.

"වික්‍රම ගමේ කෑමට තමයි ආසාව. මම ඒ හැමදේම හදලා දෙනවා.

"ඒ වගේ ම වික්‍රමට පුදුම ඉවසීමක්‌ තියෙන්නේ. මට කේන්ති ගියත් එයාට කේන්ති යන්නේ නැහැ. එයාට ඕනෑම ප්‍රශ්නයක්‌ එවෙලේම විසඳන්න පුළුවන් ශක්‌තියක්‌ තිබෙනවා.

එයාට දුක හිතුණාම ටික වේලාවක්‌ කතා නොකර ඉන්නවා.

අපේ දරුවෝ මේ රටේ හොඳ පුරවැසියෝ කරන්නයි අපි දෙන්නගේ එකම අරමුණ"

-තිස්‌ස සෙනෙවිරත්න

Monday, February 28, 2011

කොළඹ මුහුදේ නගරයක් හැදීමට සියල්ල සූදානම්


කොළඹ දකුණු වරායට ආසන්නයේ කොළඹ මුහුදේ නව නගරයක් (Port City) ඉකිදිරීමට සැලසුම් සකස් කර ඇති බවත් එම කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට සූදානම් බවත් ශ්රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
ගාලූ මුවදොර ප්රදේශයේ සිට කොළම වරාය දක්වා මුහුදේ අක්කර 330ක් ගොඩකර මෙම නව නගරය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.
මෙහි මුහුදගොඩ කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය වනු ඇතැයි ශ්රී ලංකා වරාය අධීකාරිය ප්රකාශ කළේය.
මෙම භුමිය උපයෝගි කරගනිමින් සැලසුම් සහගත නව නගරයක් ගොඩනැගීමට නියමිත අතර එහි මුළුමණින්ම අක්කර 200ක භූමි ප්රමාණයක් වෙන්වනුයේ මාර්ග සහ වෙළෙඳ ගොඩනැගිලි සඳහාය. එමෙන්ම ඉතිරි අක්ක 130ක භූමි ප්රමාණයේ පරිසර හිතකාමී උද්යාන, නිවාස, හෝටල්, සාප්පු සංකීර්ණ සහ කාර්යාලද ඉදිකරන බව වරාය අධීකාරිය ප්රකාශ කළේය.
නව නගරයට ඇතුලුවන පෞද්ගලික රථවානහ සංඛ්යාව අඩු කිරීම වෙනුවෙන් ඉතා සුඛෝපබෝගී පොදු ගමනා ගමන පහසුකම් සේවාවක් යෙදවීමටද නියමිතය.
ගාලු මුවදොර පිහිටි පරණ පාර්ලිමේන්තු සංකීර්ණයේ අභියස සිට කොළඹ වරාය දෙසට මුහුදේ මෙම නව නගරයේ භූමි සීමාව ව්යාප්ත වෙනු ඇත.
දශක තුනක කාල සීමාවක් පැවති යුදමය තත්ත්වය ශ්රී ලංකාවේ නිම වීමත් සමඟින් රට දැවැන්ත සංවර්ධන ගමනක් කරා යන මෙම මොහොතේ රජය මෙම නව ව්යාපෘතිය ඔස්සේද බලාපොරොත්තු වනුයේ ඉතා ඉහළ විදෙස් විනිමයක් රට තුළට ගෙන්වා ගැනීමය.