ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමගේ බිරිය චන්දිමා
ඔහු ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම. මෙරට වරාය කළමනාකරණය පිළිබඳ ප්‍රථම ආචාර්ය උපාධිධරයාවන ඔහු දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ සිහිනයක් වූ හම්බන්තොට වරාය සැබෑවක් කරදෙන්නට ජනාධිපතිවරයාගේ සෙවනැල්ල මෙන් සිටියේ ඔහුයි. ඒ ප්‍රියත් බන්දු වික්‍රමයන්ගේ ජීවිතයේ සෙවනැල්ල එනම් ආදරණීය බිරිඳ චන්දිමා හිමාලි ඒකනායකයි.
නුවරඑළිය නිල්දණ්‌ඩහින්න ප්‍රදේශයේ උපන් හිමාලි පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස උසස් පෙළ හදාර මොරටුව විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා තිබෙනවා.
වෘත්තියෙන් ඉංජිනේරුවරියක් වුවත් තම සැමියා අද රට වෙනුවෙන් සිදුකරන සේවාවට අත්වැලක් ලබාදෙමින් තම දරු දෙදෙනා රැක බලා ගනිමින් සකසුරුවම් ගෘහිණියක වෙමින් නිවසේ වැඩකටයුතු කරමින් ඇය කල් ගෙවනවා. මේ ඇය තම සැමියා ගැන "නවලිය" ට කතා කළ අයුරුයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ දී තමයි වික්‍රම මට හමුවුණේ. ඒ අවුරුද්දේ නුවර එළියෙන් ඉංජිනේරු පීඨයට තේරුණු එකම ගැහැනු ළමයා වූයේ මමයි. මම පළමු වසරේ ඉන්නකොට වික්‍රම අවසන් වසරේ ශිෂ්‍යයෙක්. ඒ කාලේ ජාතික තාක්‌ෂණ ඩිප්ලෝමාධාරීන් හා ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ගැටුම් පැවතුණා. ඉංජිනේරු අංශයේ කැඳවුම්කරු වික්‍රම. ඒ නිසා ඔහු විශ්ව විද්‍යාලය තුළ හරි ප්‍රසිද්ධයි.
අපි දෙන්නාගේ යාළුවෝ තමයි මේ සම්බන්ධයට අඩිතාලම දැම්මේ. මම උසස් පෙළ හැදෑරුවේ 1996 . 1998 දී මොරටු විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ 1999 දී තමයි වික්‍රම සමඟ සම්බන්ධය පටන් ගත්තේ. 2003 නොවැම්බර් 12 අපි විවාහ වුණා.
"අපි බොහොම චාමෙට විවාහ උත්සවය ගත්තේ. මගේ මල් බොකේ එක බ්‍රයිඩ්ස් මෙඩ්ස්‌ලාගේ සාරි සේරම හැදුවේත් මමමයි."
අපට 2006 දී තිනුග පුතා ලැබුණා. 2009 දී සෙතුමි දුව ලැබුණා.
"මම හිතන්නේ හොඳ මනුස්‌සයෝ ඇතිවෙන්න කුඩා කාලයේ මව දරුවන් සමග සිටීම වැදගත් කියලා. ඒ හින්දා මම රැකියාවක් නොකර දරුවෝ දෙන්නා හොඳට බලාගන්නවා.
දරුවෝ ලොකු වෙච්ච දවසකට මම රැකියාවක් කරනවා. ඒ එක්‌කම මේ දිනවල මගේ පශ්චාත් උපාධිය සඳහාත් අධ්‍යාපනය හදාරන්න දවසේ කාලයක් වෙන්කර ගෙන තියෙනවා."
"මම හිතන්නේ වික්‍රමගේ ජීවිතයේ සාර්ථකත්වය එයාගේ අම්මටයි තාත්තටයි අයිතියි කියලා. මම කවදාවත් ඒ දෙන්නගේ වචනයට උඩින් යන්නේ නැහැ."
"ඉස්‌සර හම්බන්තොට ලේවාය පෙන්නලා වික්‍රම කියනවා මෙතන කවදාහරි වරායක් හදනවා කියලා.
එයා ඒකට ගොඩක් මහන්සි වුණා. සමහර කාලවලට දවස් තුන - හතර එක දිගට වැඩ. මම හැමදාම ඒවාට උදව් කළා.
"වික්‍රම ගමේ කෑමට තමයි ආසාව. මම ඒ හැමදේම හදලා දෙනවා.
"ඒ වගේ ම වික්‍රමට පුදුම ඉවසීමක් තියෙන්නේ. මට කේන්ති ගියත් එයාට කේන්ති යන්නේ නැහැ. එයාට ඕනෑම ප්‍රශ්නයක් එවෙලේම විසඳන්න පුළුවන් ශක්‌තියක් තිබෙනවා.
එයාට දුක හිතුණාම ටික වේලාවක් කතා නොකර ඉන්නවා.
අපේ දරුවෝ මේ රටේ හොඳ පුරවැසියෝ කරන්නයි අපි දෙන්නගේ එකම අරමුණ"
-තිස්‌ස සෙනෙවිරත්න